Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාළගුණයෙන් පුද්ගල මරණ 02ක්  

Add comments

වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කර තිබෙනවා.

පස්කන්දට සිර වී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මිය ගිය පුද්ගලයාගේ මව මුදාගෙන වරකාපොළ රෝහළට ඇතුළත් කිරිමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (13) දිනය පුරා ඇද හැලුනු අධික වැසිත් සමඟ කෑගල්ලේ තෝලන්ගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා දෙදෙනෙකු රෝහල් ගත කළ අතර, ඉන් එක් අයෙකු ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

The post අයහපත් කාළගුණයෙන් පුද්ගල මරණ 02ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG