Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත් දෙකම ගත්තත් කොරෝනා හැදෙන්න පුළුවන්  

Add comments

කොවිඩ් වෛරසය සදහා ප්‍රතිශක්තිකරන එන්නත් දෙකම ලබා ගත්ත ද රෝගය වැළදීමේ අවදානම සම්පූර්ණයෙන්ම පහව නොයන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළා. එන්නත මගින් ලැබෙන්නේ ආරක්ෂාවක් පමණක් බවයි ඒ මහතා පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය නිකුත් කළ නිවේදනයකට අනුව මේ වන විට නවලක්‍ෂ විසිපන්දහස් දෙසීය හතළිස් දෙදෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්. එම එන්නතේ දෙවන මාත්‍රාව ද දෙලක්‍ෂ අනූහත්දහස් හයසිය අසූ හය දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නත ද හාරලක්‍ෂ පනස් හත් දහස් අටසිය හතළිස් දෙනෙකුට ලබා දීමට හැකි වුණා. එහි 2 වන මාත්‍රාව 2435 දෙනෙකු මේ වන විට ලබාගෙන තිබෙනවා. ස්පුට්නික් වී එන්නත ලබා දී ඇති සංඛ්‍යාව 14917 ක්.

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් සදහා සයිනොෆාම් එන්නත ලබා දීම සිදුවුණා. දින දෙකක් තුළ එන්නත් 2500 ක් ලබා දුන් බවයි නිලධාරීන් සදහන් කළේ.

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සයිනොෆාම් එන්නත ලබා දීම ඊයේ සිදු කෙරුණා. 200 දෙනෙකුට පමණ මෙලෙස එන්නත් ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

 

The post එන්නත් දෙකම ගත්තත් කොරෝනා හැදෙන්න පුළුවන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG