Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ සීමා පැවතියත් ආර්ථික මධ්‍යස්ථාන – ඔසුසැල් – ධීවර – ජංගම බේකරි රථ ක්‍රියාත්මකයි  

Add comments

අද රාත්‍රී 11 සිට  සංචරණ සීමා බලපැවැත්වෙන බැවින් නිරෝධායන නීතීන්ට අනුගත වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සංචරණ සීමා කාලය තුළ හැදුනුම්පත් ක්‍රමවේදයද ක්‍රියාත්මක නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

ඒ අනුව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකි වේ.

බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මඟින් බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමි වේ.

එමෙන්ම 24 සහ 25 දිනවල දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර එළවළු, පලතුරු ආදීය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ජංගම රථ මඟින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව අවසර හිමි වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඇණවුම් මත පිසු ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ආපන ශාලාවලට අවසර හිමි වේ.

මේ අතර, තොග වශයෙන් එළවළු පලතුරු අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මැයි 24 සහ 25 දිනවල දී ද මැයි 27 සහ 28 දිනවල දීද විවෘතව තැබීමට නියමිතය.

දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන පමණක් එම දිනවල විවෘතව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 27 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් කිසිදු මගී දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කිසිදු භාණ්ඩයක මිල වැඩි කිරීමක් සිදු කිරීමට රජය අපේක්ෂා නොකරන බව රජය පවසනවා.

The post සංචරණ සීමා පැවතියත් ආර්ථික මධ්‍යස්ථාන – ඔසුසැල් – ධීවර – ජංගම බේකරි රථ ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG