චීනයේ වූහාන් නගරයේ පැවති සංගීත ප්රසංගයකට දහස් ගණනක ජනතාවක් රැස්ව සිටියා.
ලොව පළමුවරට කොරෝනා රෝගය වාර්තා වූ නගරයේ මෙවැනි මහා පරිමාන සංගීත ප්රසංගයක් පැවැත්වීම විශේෂත්වයක්. පසුගිය වසරේදී මෙම සංගීත ප්රසංගය කල් දැමීමෙන් පසුවයි එය නැව සංවිධාන කෙරුණේ. ස්ට්රෝබෙරි මියුසිකල් ෆෙස්ටිවල් ලෙස හදුන්වා ඇති මෙම සංගීත ප්රසංගය චීනයේ විවිධ නගරවලදී වරින් වර පැවැත්වෙනවා.
චීනය මේ වන විට කොරෝනා රෝගය ඉතා සාර්ථක ලෙස පාලනය කර ඇති අතර එරටින් තවමත් වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයන් 90671 ක් පමණයි.
The post වූහාන් නගරයේ සංගීත ප්රසංගයකට දහස් ගණනක ජනතාවක් appeared first on ITN News.
Post a Comment