ඇමෙරිකාවේ කොරෝනා එන්නත් ලබා දීම වඩාත් පුළුල් කිරීමට ජනාධිපති ජෝ බයිඩ්න් සූදානම් වෙනවා.
එළඹෙන ජුලි 04 වනදා වන විට ඇමෙරිකා සමස්ත ජනගහනයෙන් වැඩිහිටි පුද්ගලයින් 70% කට එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව වැඩිහිටි පුද්ගලයින් මිලියන 160කට එන්නත් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ද ඉතා ඉක්මනින් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඇමෙරිකාවේ නිදහස් දින උත්සවය එළඹෙන ජූලි 4 වනදාට යෙදී තිබෙනවා. ඒ වන විට මෙම එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කිරීමයි ඇමෙරිකා රජයේ අරමුණ වී ඇත්තේ.
The post ඇමෙරිකාවේ කොරෝනා එන්නත් ලබා දීම වඩාත් පුළුල් කිරීමට බයිඩ්න් සූදානම් appeared first on ITN News.
Post a Comment