Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීමට අනුමැතිය  

Add comments

ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙරට ගැබිණි කාන්තාවන්ට සයිනොෆාම් එන්නත ලබාදිම සුදුසු යැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඇති බව එම විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියා .

කෙසේ වෙතත් ගැබිණි මව්වරුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් එන්නත්කරණ මධ්‍යස්ථාන තුළ එන්නත ලබා නොදිය යුතු යැයි නිර්දේ්ශ කර ඇති අතර ඒ සදහා විශේෂ ක්‍රමවේදයක්ද යෝජනා කර තිඛෙනවා.

එහෙත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවයි.

කිරිදෙන සියලුම මව්වරුන් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවද ඔහු කියා සිටියා.

“ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් ලැබිලා නෑ. මොකද තාමත් මේ ගර්භණී මව්වරුන් අතර එන්නත් ලබාගැනීම පිළිබඳව පර්යේෂණ සිදුවෙලා නෑ. එන්නත ලබාගැනීමට නොහැකි වෙනත් කිසියම් කාරණයක් නොමැති නම් සාමාන්‍ය කෙනෙකු ලෙස ඕනෑම කිරිදෙන මවකට පුළුවන් වෙනවා එන්නත ලබාගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව්කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙමෙයි. මේ මව්කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි. “

The post ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීමට අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG