Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්  

Add comments

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම,දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, අයගම, කලවාන, කුරුවිට, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නාය යාම් අවදානම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු ඇගවීම් නිකුත් කරන ලදී.

The post නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG