Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරීසියේ වැක්ස් කෞතුකාගාරය නැවතත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කෙරේ  

Add comments

පැරිසියේ වැක්ස් කෞතුකාගාරය නැවතත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කර තිබෙනවා.

පැරිස් නුවර වැක්ස් කෞතුකාගාරය නැවත විවෘත වුනේ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ වැක්ස් අනුරුව නිරාවරණය කිරීමත් සමගින්. 1882 විවෘත වූ පැරිස් නුවර ග්‍රෙවින් වැක්ස් කෞතුකාගාරය තුළ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ සිට මේ දක්වා අමෙරිකාව පාලනය කළ ජනාධිපතිවරුන්ගේ අනුරූ ප්‍රදර්ශනය කරනු ලබනවා.

එමෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන්, ගායක ගායිකාවන් මෙන්ම ක්‍රීඩා තරුවල අනුරූ ද මෙහි ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර‌යේ සිට සීඝ්‍ර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පැරිස් නුවරට පනවා තිබූ සීමා ක්‍රමයෙන් ලිහිල් කරන බව ද වාර්තා වනවා.

 

The post පැරීසියේ වැක්ස් කෞතුකාගාරය නැවතත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG