අමෙරිකාවේ ව්‍යාපාර ආයතන 200 කට පමණ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රුසියානු හැකර්වරුන් මෙම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ බවටයි සැක පළ කර තිබෙන්නේ. අමෙරිකානු සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම සයිබර් ප්‍රහාරයට සමබන්ධ පුද්ගලයින් පිළිබද පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
මෙම සයිබර් ප්‍රහාරයට මූලික වී ඇති මෘදුකාංගය ඉවත් කිරීමට අදාළ ආයතනය වෙත උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් රටවල් 10 ක පමණ ගණුදෙනුකරුවන් හට බලපෑම් එල්ල වී ඇති බව ද සදහන්.
The post අමෙරිකාවේ ව්‍යාපාර ආයතන 200කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment