Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ජර්මන් රජයේ අනුමැතිය  

Add comments

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් එරට ජනතාව වෙත ලබා දීමට ජර්මන් රජයේ අනුමැතිය හිමිවී තිබෙනවා

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවක් පුද්ගලයින් සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව ලෙස වෙනත් කොරෝනා මර්දන එන්නතක මාත්‍රාවක් ලබා දීම අනුමත කිරීමට ජර්මන් රජය කටයුතු කර තිබෙනවා. ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුළ ඊට එරෙහිව ඵලදායි එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ජර්මානු බලධාරීන්ගේ උත්සාහය වී තිබෙනවා.

මේ සදහා ෆයිසර් එන්නත හෝ මෝඩනා එන්නත ලබා දීමටයි මේ වන විට නිර්දේශ වී තිබෙන්නේ. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද පසුගිය සතියේදී සිය දෙවන මාත්‍රාව ලෙස මොඩනා එන්නත ලබා ගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ජර්මන් රජයේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG