ගෝලීය වසංගතය හමුවේ වුවද ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.
සමෘද්ධි ගෘහආර්ථික, ශුද්ධ මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යාංශය, සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන 500 ක් මෙම වසර තුළ ඉදිකිරීමටයි තීරණය කර තිබෙන්නේ.
මෙම ව්‍යාපෘතිය සදහා වැය වන මුදල රුපියල් මිලියන පන්දහස් තුන්සියයක්. පාරම්පරික කර්මාන්වල යෙදෙන්නන්, ස්වයං රැකියාවල යෙදෙන අඩු ආදායම්ලාභීන්, නිශ්චිත ආදායමක් නොමැති මුදල්, තාක්ෂණය, වෙළෙදපොළ සොයා ගත නොහැකි කුඩා ව්‍යවසායකයින්, නිෂ්පාදනයේ ප්‍රබල කොටස්කරුවන් බවට පත් කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
කෘෂි නිෂ්පාදන, ලෝහ, මැටි, සම්භාණ්ඩ, කඩදාසි, පේෂකර්ම, බතික්, රසකැවිලි, විසිතුරු භාණ්ඩ වැනි කර්මාන්ත අංශයේ නිෂ්පාදන ගම්මානත්, මී මැසි කුකුළු ගව පාලන ඇතුළු පශු සම්පත් ගම්මානත්, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය අභිජනන, උම්බලකඩ වැනි ධීවර අංශයේ ගම්මාන මෙන්ම සේවා සැපයීම් ආශ්‍රිත ගම්මාන වැඩිදියුණු කිරීම මේ යටතේ සිදුවනවා. සෞභාග්‍යයා නිෂ්පාදන සතිය අද සිට ආරම්භ වන අතර එය හත්වනදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වනවා.
එම සතිය තුළ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන 400 ක් ආරම්භ කිරීමටත් පියවර ගෙන තිබෙනවා.
The post ගෝලීය වසංගතයක් තිබ්බත් රටේ ජනතාව වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකරනවා – අගමැති appeared first on ITN News.
Post a Comment