චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය බීජින්හිදී අභිමානවත් අයුරින් සමරා තිබෙනවා. චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම් උත්සවයේ අදහස් දැක්වූ ජනාධිපතිවරයා සාමකාමී වර්ධන ක්‍රියාමාර්ගය චීනය අනුගමනය කළ යුතු බව පවසා තිබෙනවා.
නව ජාත්‍යන්තර සබඳතාව ස්ථාපිත කිරීම පොදු අරමුණක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීම හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අධි ගුණයෙන් සංවර්ධනය කිරීම මගින් චීන නව සංවර්ධනයෙන් ලෝකයට නව අවස්ථා උදා කෙරෙන බවත් චීනය මුල සිටම ලෝක සාමය ගොඩනැගීමේ ගෝලීය වර්ධනයට දායකත්වය දැරීමේ හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂක පාර්ශ්වයක් බවට පත් වෙමින් සිටින බවත් ෂී ජිංපිං මහතා අවධාරණය කළා.
ගැටීම වෙනුවට සහයෝගීතාව අනුගමනය කිරීම අවහිර කිරීම වෙනුවට විවෘත භාවය අනුගමනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂය සිදුකරන අතර අධිපතිවාදය සහ බල දේශපාලනයට චීන කොමියුනිස්ට් පක්ෂය විරෝධය පළ කරන බව ද ෂී ජිංපිං මහතා පැවසුවා. චීන ජාතිය දැඩි ජාතික අභිමානය හා විශ්වාසය සහිත ජාතියක් බවත් සෙසු රටවල ජනතාවට එරෙහිව දාමරිකකම් කිරීම පීඩා කිරීම හා යටත් කරගැනීම චීන ජනතාව කිසිවිටෙකත් සිදු කර නොමැති බවත් ඉදිරියේදීද චීන ජනතාව මෙවැනි දේ සිදු නොකරනු ඇති බවද ෂී ජිංපිං මහතා අවධාරණය කළා.
එසේම කිසිදු දේශපාලන බලවේගයකට චීන ජනතාවට දාමරික කම් පීඩා කිරීම් හා යටත් කර ගැනීමට අවස්ථාවක් නොමැති බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
The post චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය බීජින්හිදී අභිමානවත්ව සැමරේ (VIDEO) appeared first on ITN News.
Post a Comment