Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවයි  

Add comments

මෙරට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවා ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඉහළ පැසසුමකට ලක්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. කොවැක්ස් පහසුකම හරහා මෙරටට එන්නත් ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට ඊයේ එක්වූ අවස්ථාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරුන් හා ඇමරිකා තානාපතිවරිය මේ බව සඳහන් කළ බවයි ඒ මහතා කියා සිටියේ. කෙසේ වෙතත් ඇතැම් පිරිස් සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් එන්නත්කරණ වැඩපිළිවෙළ අප්‍රසාදයට ලක් කිරීමට උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

The post මෙරට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG