ඇමරිකාවේ නිව් ඕලන්ස් නගරයට බලපා ඇති අයිඩා සුළි කුණාටුව හේතුවෙන් විදුලි බලය බිඳ වැටී ඇති බව වාර්තා වනවා.
නගරය පුරා විදුලි ජනක යන්ත්‍ර පමණක් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පැයට කිලෝ මීටර් 240ක පමණ වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් හානි රැසක් සිදුව තිබෙනවා. එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්. ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද ඇතැම් පුද්ගලයින් තම වාසස්ථානවලින් ඉවත්ව නොමැති බව වාර්තා වනවා. 2005 වසරේ දී මේ ආකාරයටම ඇමරිකාවට බලපෑ කත්රිනා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 1800 කට ආසන්නයි.
The post අයිඩා සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ නිව් ඕලන්ස් නගරයට බලපෑම් appeared first on ITN News.
Post a Comment