ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ පුපුරුවා හැරීමට සූදානම් කර තිබූ අයි එස් ත්රස්තවාදීන්ට අයත් බෝම්බයක් ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශයට පත්ව තිබෙනවා.
එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කාබුල් ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ. කාබුල් අගනුවර සමීපයේ පෞද්ගලික නිවසකයි බෝම්බය ඇටවූ මෝටර් රථය තිබී ඇත්තේ.
ඇමරිකා හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ද කාබුල් ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් අයි එස් ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළා. ඉන් ඇමරිකා සෙබළුන් හා සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු පමණ මිය ගිය බව සදහන්.
The post IS ත්රස්තවාදීන්ට අයත් බෝම්බයක් ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment