මාස දෙකකට පසු නැවතත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් පෙරේදා දිනයේදී වාර්තා වී තිබෙනවා. එම සංඛාව 46,805ක්. ඊයේ දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 45, 058 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය පෙරේදා දිනයට සාපෙක්ෂව අඩු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ නව ආසාදිතයන්ගෙන් 70%ක්ම වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන්. කේරළ ප්‍රාන්තයේ පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව එම ප්‍රාන්තයේ ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා රටේ ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පවතින වාතාවරණය තුළ ඉදිරි සතියේ දී කේරළය ප්‍රාන්තයට ඇඳිරිනීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
The post මාස දෙකකට පසු නැවතත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් appeared first on ITN News.
Post a Comment