ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පනවා ඇති අඟුලු දැමීමේ තත්වය තවදුරටත් දිර්ඝ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී මෙල්බර්න් නුවරට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමටයි කටයුතු යොදා තිබුණේ. කෙසේවෙතත් කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ සංචරණ සීමා දිර්ඝ කිරීමට තීරණය කෙරුණු බව ඕස්ට්‍රේලියා බලධාරින් පවසනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයින්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. කොරෝනා වසංගත තත්වය ආරම්භ වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහණයෙන් 51,000කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. 1,000කට ආසන්න පිරිසක් රෝගය වැළඳීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
The post මෙල්බර්න් නුවරට පනවා ඇති අඟුලු දැමීමේ තත්වය තවදුරටත් දිර්ඝ කෙරේ appeared first on ITN News.
Post a Comment