Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 17 කට පසු ඉන්දියාවේ දිල්ලි නගරයේ පාසල් යළි විවෘත කෙරේ  

Add comments

මාස 17 ක කාලයකට පසු ඉන්දියාවේ දිල්ලි නගරයේ පාසල් යළි විවෘත කෙරුණා.

පාසල් විවෘත කළද වයිරස ව්‍යාප්තිය අවම කිරීමට දැඩි නීති පනවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පාසලට ඇතුලුවන සෑම සිසුවෙකුගේම උෂ්ණත්වය මැන බැලීම තනි තනිව දිවා ආහාරය ලබා ගැනීම, පන්ති කාමරයක පැනවිය හැකි ආසන සංඛ්‍යාවෙන් 50% ක් පමණක් ඇතුල් කර ගැනීම වැනි නීති රැසක් ඊට ඇතුළත්.

එමෙන්ම පාසල් සිසුවෙකු හදිසියේ රෝගාතුර වුවහොත් ඔහුව රදවා තබා ගත හැකි කාමරයක් ද පාසල තුළ තිබීම අනිවාර්ය කර තිබෙනවා. මේ අතර පසුගිය අප්‍රේල් සිට ජුනි දක්වා මාස තුන ඇතුළත ඉන්දියාවේ ආර්ථික‌යේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ. වයිරස ව්‍යාප්තිය හමුවේ රට වසා දැමවද එරට දළ දේශීය නිෂ්පාදිතය සියයට විස්සයි දශම එකකින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ එම කාලය තුළදී ඉන්දීය ආර්ථිකය සියයට විසි හතරකින් කඩා වැටී ඇති බව සදහන්.

 

 

The post මාස 17 කට පසු ඉන්දියාවේ දිල්ලි නගරයේ පාසල් යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG