Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,828ක්  

Add comments

අගෝස්තු 22 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා දින 10 ක කාලය තුළ දෛනිකව කොරෝනා ආසාදිතයින් 4000 කට අධික පිරිසක් වාර්තා වුණා.

කෙසේ වුවද ඊයේ දිනයේ ආසාදිතයින් 3828 දෙනෙකු පමණක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 444130 ක්. ඒ අතරින් 58,514 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ  හය දහස් දෙසිය දහසයක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ඊයේ දිනයේද කොරෝනා මරණ 215 ක් වාර්තා කර තිබුණා.ඉන් 115 දෙනෙකු පිරිමි පුද්ගලයින් අතර සෙසු සිය දෙනා කාන්තාවන්.  ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9400 ක්.

ඊයේ දිනයේ ද පීසීආර් පරික්ෂණ 13336 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 4345 ක් සිදුකර තිබෙනවා.  කොරොනා ආසාදනය වන රෝගින් කළමනාකරණය සදහා බස්නාහිර පළාත තුළ ආරම්භ කළ 1904 කෙටි පණිවුඩ සේවාව අද සිට දකුණු පළාතට ද හදුන්වා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණ ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,828ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG