දිවයිනේ විවිධ ප්‍රදේශවල සගවා ඇති සීනි සහ වී තොග සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. සීනි සහ සහල්වලට පාලන මිලක් නියම කිරීම පිලිබද නිවේදනය අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිතයි.
ඒ පිලිබද අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා දැනුම් දීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා.
සගවා තැබූ සීනි මෙට්‍රික් ටොන් 21000 ක් පමණ මේ වෙන විට සොයාගෙන තිබෙනවා.පාරිභෝගික අධිකාරිය මේ වන විටත් සීනි ගබඩා කිහිපයකටම මුද්‍රා තබා තිබෙනවා. එම ගබඩා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුලු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කළා. අනතුරුව සීනි තොග පාරිභෝගිකයන් අතට පත් කිරීම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා. වත්තල මාබෝල, උස්වැටකෙයියාව ඇතුළු ස්ථාන හතරක තිබූ ගබඩා අදාළ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් වුණා.
සීනි තොග සැඟවීමත් සමඟ මෙරට වෙළදපොලේ සීනි මිල ඉහළ ගියා. එහෙත් සතොස හා සමූපකාර හරහා දුඹුරු පැහැති සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කට අලෙවි කිරීම සිදු කෙරෙනවා. වතුකරයේ ජනතාවට ද මේ හේතුවෙන් මහත් සහනයක් සැළසී තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ සතොස හා සමූපකාර වෙළදසැල්වලින් කිසිදු අපහසුවකින් තොරව රුපියල් 130 ක මිලට සීනි මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා සතොස වෙළදසැල් වෙත සීනි තොග රැගෙන ඒමත් සමග ජනතාවට මෙම පහසුකම උදා වුණා.
The post සීනිවලටත් හාල්වලටත් පාලන මිලක් appeared first on ITN News.
Post a Comment