Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තර්ජාල ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ ශිෂ්‍යයෙකු හොර රහසේ සිදුකළ දේ  

Add comments

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම හේතුවෙන් නිවසේ තිබූ රන් භාණ්ඩ හා යතුරු පැදියක් හොර රහසේ අලෙවි කළ ශිෂ්‍යයෙකු පිළිබද මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දරුවන් අන්තර්ජාලය භාවිත කරන්නේ නම් ඒ පිළිබද වැඩිහිටියන් අවදානයෙන් පසුවිය යුතු බවයි මේ පිළිබද පර්යේෂණ සිදුකළ අය ප්‍රකාශ කරන්නේ.

තම මව හා පියා විදේශගතව සිටින 18 හැවිරිදි මෙම සිසුවා පරිගණකය ආශ්‍රයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරනවා. ඔහු ප්‍රබල ලෙස පරිගණක ක්‍රීඩාවන්ට යොමු වී ඇති බවයි පොලීසිය කළ විමර්ශනවලදී හෙළිවුනේ. අන්තර්ජාල ක්‍රීඩාවන්ට ඇබ්බැහිවීම නිසා නිවසේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ හා යතුරු පැදිය අලෙවි කරමින් මුදල් උපයා තිබෙනවා.

රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා මෙම යතුරු පැදිය අලෙවි කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ පනස්දහසකටයි.  මාරවිල පොලීසිය අදාළ ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

The post අන්තර්ජාල ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ ශිෂ්‍යයෙකු හොර රහසේ සිදුකළ දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG