Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද දිනයේත් එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව  

Add comments

ප්‍රතිකාර සේවා අඛණ්ඩවම ක්‍රියාත්මක වෙද්දි කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලත් රටම ආවරණය වෙන පරිදි සිදු කිරීමට රජය කටයුත කර තිබෙනවා.

දෙහිවල මහනගර සභාවේ මෙහෙයවීමෙන් 24 පැය පුරා ක්‍රියාත්මක කෝවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණා. ඒ  පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

සබරගමු පළාත් සභාවට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ ගිලන්රථයක් ඉතා අඩු මුදලකින් ප්‍රතිසංස්කරණය කර කොරෝනා රෝගීන් නොමිලේ ප්‍රවාහනය සදහා යෙදවීමට කටයුතු කෙරුණා. දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති දමිදු චාමින්ද මහතා පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි ගිලන් රථය ලබා ගැනුණේ.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද යුද හමුදාවේ දායකත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ හා දියත උයනේදී එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේද ක්‍රියාත්මකයි.

යුද හමුදාවේ පළමුවන වෛද්‍ය බලකායේ මෙහෙයවීමෙන් වේරහැර පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහන ද තවදුරටත් ක්‍රියාත්මකයි. වෛද්‍ය බලකායේ විශ්‍රාමික සෙබලුන්ද මෙම එන්නත්කරණ වැඩසටහනට  ස්වේච්ඡාවෙන් තම දායකත්වය ලබාදීමට එක්ව සිටිනවා.

වැලිමඩ දිදුරුපොල ගම්මානයේදී වයස අවුරුදු 100 ක මාතාවකට යුද හමුදාවේ දායකත්වයෙන් කොවිශීල්ඩ් එන්නත ලබාදීම සිදු වුණා. ප්‍රදේශයේ   නිවෙස් වෙතම ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේයි එය සිදු වුණේ.

ජාඇල නිවන්දම ප්‍රදේශයේ වයස අවුරුදු 107 ක වයෝවෘද්ද පියෙකුට ද නිවෙසටම ගොස් කොවිෂීල් එන්නත ලබාදීමට කටයුතු කෙරුණේ ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන්.

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් ඇතුළු 2400 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදු වුණා. පැය 4 ක් වැනි කෙටි කාලයක් තුළ කාර්යක්ෂම අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ අසේලපුර විද්‍යාලයේදීයී.

ගාල්ල ඇල්පිටිය ප්‍ර දේශයේදීද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවුණා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ම මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ද  නිවෙස් වෙතම ගොස් එන්නත් ලබාදී සිදු වුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සදමාලි දයානන්ද මහත්මියගේ මෙහෙයවීම මතයි.

දොඩංගොඩ ඇලදූව වතුනිවාසවල හා පුහාඹුගොඩ ප්‍රදේශයේ ආබාධිත හා වයෝවෘත පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත් ලබාදීස සිදු වුණා.  දොඩංගොඩ පොලිස් ස්ථානය හා ප්‍රාදේශීය සභාව ද ඊට දායකත්වය ලබා දුන්නා.

වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම තංගල්ල නගර ශාලවේදී සිදු වනවා.යුද හමුදාවේ දායකත්වයෙනුයි එය ක්‍රියාත්මක වන්නේ.

දැනට ක්‍රියාත්මක එන්නතකරණ වැඩපිලිවෙලේදී කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි විසිහය ලක්ෂ හාරදහස් හත්සිය තිස් තුනක්,  දෙවන මාත්‍රාව පුද්ගලයින් අසූ අට ලක්ෂ එක්දහස් එකසිය අසූ දෙදෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ.

The post අද දිනයේත් එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG