නිරෝධායන ඇදිරි නීතිය ක්රියාත්මක අතරතුර මින්නේරිය රක්ෂිතයේ මහා පරිමානයෙන් සිදු කරගෙන ගිය කුඹුක් දැව ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්වුණා.
මින්නේරිය ඔය රක්ෂිතයේ උණගලා වෙහෙර ප්රදේශයේ විශාල ප්රමාණයේ කුඹුක් ගස් කපා ජංගම ඉරුම් පට්ටලයක් මගින් ලී ඉරීම සිදු කර ගෙන ගොස් තිබෙනවා. හිගුරක්ගොඩ පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී කුඹුක් කදන් තොගයක් හා ස්වයංක්රීය කියතක් සමගින් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබුවා. කළක පටන් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇතැයි මූලික පරික්ෂණවලදී හෙළි වුණේ.
සැකකරුට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණා අතර සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ ක්රියාත්මකයි.
The post මින්නේරිය රක්ෂිතයේ සිදු කරගෙන ගිය කුඹුක් දැව ජාවාරමක් වටලයි appeared first on ITN News.
Post a Comment