සිංහරාජ ලෝක උරුමය ආශ්රිත ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය, පරිසර පද්ධතියට හානි නොවන ලෙස ඉදිකර තිබෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසිය.
එහි ඉදිකිරිම් 98%ක් අවසන් වී තිබෙන අතර ඉක්මනින්ම ජනතා අයිතියට පත් කරන බවත් කොවිඩ් කාළය තුළ උනත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තූතිය පිරිනමන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“මේ මාර්ගය හදන්න අපි කිසිදු ගසක් කැපුවේ නැහැ.මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.
ලංකාගම – නෙළුව මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
The post ලංකාගම – නෙළුව මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන ලෙස ඉදිකර තිබෙනවා – ඇමති ජොන්ස්ටන් appeared first on ITN News.
Post a Comment