කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට එන්නත්කරණය වේගවත් කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය පවසනවා.
එළඹෙන නොවැම්බර් මාසය වනවිට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 80% කට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කරන බවයි ආණ්ඩුකාරවරිය පවසන්නේ. ඩෙල්ටා ප්‍ර භේදය පවත්නා තත්ත්වය උඩු යටිකුරු කිරීමට සමත් අතර එම ප්‍රභේදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සියලුම වැසියන් දැනුවත් විය යුතු බවද ඇය සදහන් කරනවා. අද දිනයේ දී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍ර භේදය ආසාදිතයින් 1116 දෙනෙකු හමුවූ බවයි වාර්තා වන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4 ක්. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ වසා දැමීමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතයි. නමුත් වසා දැමීමේ කාලය දීර්ඝ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පල වනවා.
The post එන්නත්කරණය වේගවත් කළ යුතු බව නිව් සවුත් වේල්ස් ආණ්ඩුකාරවරිය පවසයි appeared first on ITN News.
Post a Comment