හදුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් ඉන්දියාවේ දරුවන් රැසක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
එම උණ රෝගය හේතුවෙන් පසුගිය දින 10 ඇතුළතදී පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බවයි උත්තර් ප්‍ර දේශ් ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ. මිය ගිය අය අතුරින් 45 දෙනෙකුම දරුවන්. එම රෝගය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු කෙරෙන අතර ඩෙංගු විය හැකි බවට අනාවැකි පල වනවා. හන්දි වේදනාව හිසරදය, පාචනය, අධික උණ හා ඔක්කාරය එහි රෝග ලක්ෂණ බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. එම උණ රෝගය වැළදුනු ඇතැම් පුද්ගලයින්ගේ අත් හා පාදයන්හි කුෂ්ට දක්නට ලැබෙන බවද වාර්තා වනවා. රෝගය වැළදුනු සිය ගණනක පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
The post හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් ඉන්දියාවේ දරුවන් රැසක් මිය යයි appeared first on ITN News.
Post a Comment