කොරෝනා ව්‍යසනය හේතුවෙන් නිවෙස්වලට වී සිටින දරුවන්ගේ මානසික සහනය වෙනුවෙන් ඔන්ලයින් සම්මන්ත්‍රණයක් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සංවිධාන කර තිබුණා.
කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ දරුවන් දීර්ඝ කාලයක් නිවෙස්වලට කොටු වී සිටිනවා. එම දරුවන්ගේ දැනුම, ආකල්ප කුසලතා මෙන්ම මානසික ශක්තිය වර්ධනය කර ගැනීම සදහායි. මෙම සම්මන්ත්‍රණය සංවිධාන කළේ. මහාමායා බාලිකා විද්‍යාලයේ ව්‍යාපාර ඒකකය සංවිධාන කළ මෙය නම් කර තිබුණේ දැනුම සාර්ථකත්වයේ මාවතයි යනුවෙනුයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් දරු දැරියන් හා ගුරුවරුන් මේ සදහා එක්කර ගැනුණා. විදුහල්පති එස්. සේනාධීර මහත්මියගේ අධීක්ෂණය යටතේ සම්මන්ත්‍රණය පවත්වා තිබෙනවා.
The post නිවෙස්වලට වී සිටින දරුවන්ගේ මානසික සහනය වෙනුවෙන් Online සම්මන්ත්‍රණයක් appeared first on ITN News.
Post a Comment