Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් කොමිසමේ නඩුව පවත්වාගෙන යන්නේද – තීරණය දෙසැ: 03 දා  

Add comments

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම මගින් ගොනුකළ නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න ලබන දෙසැම්බර් 03 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදී අදාළ නියෝගය ලබාදුන්නේ. නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබද දැනුම් දීමට දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදී ඒ සදහා දින වෙන් කෙරුණේ.

සතොස ආයතනයේ සේවයකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතුවල යොදා ගැනීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 4කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කෙරුණා.

 

 

The post ඇමති ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් කොමිසමේ නඩුව පවත්වාගෙන යන්නේද – තීරණය දෙසැ: 03 දා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG