ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම වාරණ නියෝගය අනුව කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුර සඳහා වෙනත් පුද්ගලයෙකු නම් කිරීම වළක්වාලීම ද ඇතුළත්.
කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධාන ලේකම් දොස්තර ජී වීරසිංහ, උප සභාපති වීරසුමන වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඇතුළු තවත් පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
ගුරු විදුහල්පති වැටුප් අරගලයට එරෙහිව කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පසුගිය 24 වනදායි.
The post රාජා කොල්ලූරේ, කොමියුනිස්ට් පක්ෂ සභාපති තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් වාරණයක් appeared first on ITN News.
Post a Comment