වරායේ සිරවී තිබෙන කිරි පිටි තොග ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට නිදහස් කර ගැනීමට හැකි වන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පවසනවා.
රට තුළ පැවති ඩොලර් හිගය හේතුවෙන් වරායේ තිබූ කිරි පිටි තොග නිදහස් කර ගැනීමට නොහැකි වුණා. දින අනූවකට පමණ ඉහතදී ගෙවීමට තිබූ බිල්පත් ගෙවා දැමීමෙන් පසු සෙසු කිරි පිටි තොගද නැව් ගත කිරීමට නියමිතයි.
වරායේ ඇති කිරි පිටි තොග කඩිනමින් නිදහස් කර ගැනීම සදහා මේ වනවිට පියවර ගෙන තිබෙනවා. මෙරට මාසික කිරි පිටි පරිභෝජනය මෙට්රික් ටොන් 6500 ත් 7000 ත් අතර වනවා.
මෙරට දෛනික කිරි පිටි පරිබෝජනය මෙට්රික් ටොන් 200 ක්. ආනයනික කිරිපිටි වෙළෙදපොළේ නොමැති වීම නිසා පාරිභෝගිකයන් හිඟයකට තවමත් මුහුණ දෙමින් සිටිනවා.
The post වරායේ සිරවී තිබෙන කිරි පිටි තොග නිදහස් කෙරෙන දිනය appeared first on ITN News.
Post a Comment