දකුණු කොරියාව ලබන සදුදා සිට කොවිඩ් සීමා ලිහිල් කරන බව එරට රජය දැනුම්දී තිබෙනවා.
කොවිඩ් සීමා ලිහිල් කිරීමේ පළමු අදියර යටතේ අවන්හල්, කායවර්ධන මධ්‍යස්ථාන, සුපිරි වෙළෙදසැල් සහ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. මෙම ස්ථානවලට ඇතුළුවීමේ දී පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බවට සහතික කළ හැකි කාඩ්පත ඉදිරිපත් කළ යුතු වනවා.
මිලියන 52 ක ජනතාවක් වෙසෙන දකුණු කොරියාව එරට ජනගහනයෙන් සියයට 70 කට වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණය අවසන් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රට නැවත විවෘත කිරීමට කටයුතු කර තිබෙන්නේ.
The post දකුණු කොරියාව ලබන සදුදා සිට කොවිඩ් සීමා ලිහිල් කරයි appeared first on ITN News.
Post a Comment