ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අනුව යමින් උතුරේ පිච්ච මල් වගාකරුවන් කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිය වගාවන් සාර්ථක ලෙස සිදු කිරීමට සමත්ව තිබෙනවා.
මේ අතර මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව කාබනික පොහොර වලින් ස්වයංපෝෂිත කළ හැකි බව සමස්ත ලංකා කාබනික පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා පවසනවා.
කෘෂිකර්ම නිලධාරීන් ලබාදෙන උපදෙස් වලට අනුව කාබනික පොහොර වගාව සදහා තමන් යොමුවූ බවයි පිච්චමල් වගාකරුවන් සදහන් කළේ. ඉහළ ඵලදාවක් ලබා ගැනීමට මෙම වැඩපිලිවෙල නිසා තමන්ට හැකිවූ බවද ඔවුන් පවසනවා. පිච්චමල් සදහා දේශීය මෙන්ම විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතිනවා. පිච්චමල් කිලෝවක වෙළදපොල වටිනාකම මේ වන විට රුපියල් 3000 ඉක්මවනවා. චන්ද්‍රනාත් බණ්ඩාර
ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාවට නංවා තිබෙනවා. ඔවුන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 140ක් පමණ නිෂ්පාදනය කර ඇති බවයි ලබුදූව ගොවිජන සංවර්ධන ප්‍රාෙද්ශීය නිළධාරීනී එච් කේ ජේ සදමාලි මහත්මිය පැවසුවේ. මෙවර මහ කන්නය සදහා ලබුදූව ගොවිජනසේවා බලප්‍රදේශය සදහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 165 ක් අවශ්‍ය වනවා. එම ඉලක්කය කඩිනමින් සපුරා ගැනීමට හැකි බවයි සදමාලි මහත්මිය පැවසුවේ.
ගම ස්මාර්ට් නමින් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් තඹුත්තේ ගම මහවැලි නේවාසික ව්‍යාපාර ශ්‍රවණාගාරයේදී දින 6ක් පුරා පැවැත්වුණා. කෘෂි දත්ත,නව තාක්ෂණය වෙළෙදපොල තොරතුරු මෙන්ම පසු අස්වනු කළමනාකරණය සහ අලෙවිකරණය සම්බන්ධව මෙහිදී ගොවීන් දැනුවත් කෙරුණා. ගොවීන් ව්‍යාපාරිකයන් සහ නිලධාරීන් 1500 දෙනෙකු මෙම වැඩසටහන යටතේ පුහුණු කෙරෙනවා.
වගා කටයුතු සදහා තමන්ට ඉඩමක් නොමැති බැවින් ප්‍රධාන මාර්ගය දෙපස මීටර් 250ක පමණ ප්‍ර දේශයක එළවළු වගා කිරීමෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගත් ගොවි මහතෙකු පිළිබදව පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා. කාබනික පොහොර සහ දේශීය කෘමිනාශක යොදා ගනිමින් මෙම වගාව සිදුකර තිබීම විශේෂත්වයක්. රවීන්ද්‍ර රූපරත්න නමැති මෙම ගොවි මහතා බණ්ඩක්කා, දඹළ, වට්ටක්කා, මෑ ඇතුළු එළවලු වර්ග රැසක් ඉතා සාර්ථක ලෙස වගා කිරීමට සමත්ව තිබෙනවා.
The post සෞභාග්‍යයේ දැක්ම අනුව යන උතුරේ පිච්ච මල් වගාකරුවන් appeared first on ITN News.
Post a Comment