Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපවාහිනී මහ ගෙදර සෙනෙහසින් ගොඩනැගූ සෙනෙහසේ නිවහන  

Add comments

හිල්වුණු වහළෙන් අහස දිහා බලාගෙන තමන්ටත් හෙට දවසක් උදා වෙනකම් හීන දැකපු තන්තිරිමලේ මානෙල්වැව ප්‍රදේශයේ ලලිත් ජයවීරගේ පවුල පිළිබද ස්වාධීන ප්‍රවෘත්ති තුළින් අපි ඔබට කිව්වා. ඒ පුවත ප්‍රචාරය වීමත් එක්ක ඒ පවුලට උදව් උපකාර කරන්න බොහෝ පිරිසක් එකට එකතු වුණා.

ලලිත්ගේ පවුල වෙනුවෙන් සුන්දර කැදැල්ලක් ඉදිවුණා. ලෝක ළමා දිනය යෙදුනු අද දවසේ ඔහුගේ පවුලේ දරුවන්ගේ ශෝකය නිවාදමන්න අපට හැකිවුණා.

දරුවන් හය දෙනෙකු සමග කටුමැටි ගැසූ නිවසක කටුක ජීවිතයක් ගත කළ ලලිත් ජයවීර සහ වසන්ති කුමාරි යුවළ පිළිබද පුවත ස්වාධීන ප්‍රවෘත්ති තුළින් අප වාර්තා කළේ සංවේදී සිත් ඇති මිනිසුන් ඔවුන්ට උදව් උපකාර කරන්නට ඉදිරිපත් වන බව අප හොදාකාරවම දන්නා නිසයි. අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් කුරුවිටගේ කැපවීමෙන් මේ සියලු තොරතුරු රටට ලෝකයට හෙළිකරන්න අපට හැකිවුණා. ඒ පුවත ප්‍රචාරය වීමත් සමග බොහෝ පිරිසක් මේ පවුල පිළිබද අපෙන් විමසුවා. ඒ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර සහ මහවිලච්චිය සෙනෙහස අධ්‍යාපනික පදනමේ මූලිකත්වයෙන් මේ දරු පවුලට හිතේ සැනසිල්ලෙන් ජීවත් වන්නට හැකි සොදුරු නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණා.

දින 90 ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් නිවසක් ඉදිකරන්නට තරම් ශක්තියක් අපේ ආදරණිය ප්‍රේක්ෂක ජනතාව එක් කළා. නිවසට අවශ්‍ය කරන ගෘහ උපකරණ ඇතුළු බොහෝ දේත් ලබා දෙන්න හැකියාව උදා වුණා. හිල්වුණු ටකරන් වහළෙන් අහස දිහා බලාගෙන හෙට දවසක් වෙනුවෙන් සිහින දුටු මේ දරු පවුල වෙනුවෙන් ඉදිවුණු නිවස  අද ලෝක ළමා දිනය දවසේ ඔවුන්ට පරිත්‍යාග කරන්න අපට හැකිවුණා. ඒ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සුධර්මන් රදලියගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවුණා. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත රුපියල් ලක්ෂ 22 ක මුදලින් ඉදිකළ නිවස සදහා ගෘහ භාණ්ඩ පරිත්‍යාග කිරීමට තවත් රුපියල් ලක්ෂ 2 ක මුදලක් පරිත්‍යාග කෙරුණා. මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තෙක් ශිෂ්‍යත්ව ලබාදීම ඉතාලියේ මිලානෝ නුවර සුදර්ශන කලායතනයේ අධ්‍යාපනය හදාරන සිසු දරුදැරියන්ගේ දෙමව්පියන් දායකත්වය ලබාදෙනවා.

 

 

The post රූපවාහිනී මහ ගෙදර සෙනෙහසින් ගොඩනැගූ සෙනෙහසේ නිවහන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG