කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා මේ බව පැවසීය.
පාලම් පාරුව පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව පැවසීය.
The post කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම මාස 09ක් ඇතුළත ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment