Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුතුරාජවෙල රක්ෂිතය ගැන වැරදි ප්‍රචාර ගෙන යන අයගෙන් ප්‍රවේසම් වන්න  

Add comments

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙන යන අයගෙන් ප්‍රවේසම් වන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා පවසනවා.

එහි නිවැරදි තත්ත්වය පිළිබද දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබද වත්තල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මතය විමසීමේ හමුවක් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් මුතුරාජවෙල රක්ෂිතයට අයත් ප්‍රදේශ සංරක්ෂණය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද මෙහිදී දැනුවත් කෙරුණා.

ප්‍රදේශයේ දැනට පදිංචි ජනතාවගේ පාරම්පරික ඉඩම් කිසි ලෙසකින්වත් පවරා ගැනීමක් සිදු වන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. රක්ෂිතයේ හදුනාගෙන ඇති හෙක්ටාර එක්දහස් හාරසිය හතළිස් හතට අමතරව කිසියම් භූමි ප්‍රමාණයක් රක්ෂිතයට එක් කරන්නේ නම් එය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බවද නිමල් ලාංසා මහතා කියා සිටියා.

 

 

 

The post මුතුරාජවෙල රක්ෂිතය ගැන වැරදි ප්‍රචාර ගෙන යන අයගෙන් ප්‍රවේසම් වන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG