ප්‍රංශයේ සිට එංගලන්තය දෙසට ගමන් ගත් සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් එහි ගමන් ගත් සරණාගතයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුඩා ඩිංගි බෝට්ටුවකින් ප්‍රංශය සහ එංගලන්තය අතර වූ කුඩා මුහුදු තීරයක් වන ඉංග්‍රීසි ඕඩරය නමැති කලාපයේ ගමන් ගනිමින් සිටියදී සරණාගතයින් මෙම අනතුරට මුහුණ පා සිටිනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි සරණාගතයින් 34 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර කාන්තාවන් පස් දෙනෙකු සහ කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ. දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනිමට හැකිව තිබෙනවා. මෙම අනතුරින් 31 දෙනෙකු මියගිය බවට තොරතුරු අනාවරණය වුවද පසුව එම සංඛ්‍යාව 27 දෙනෙකු බවට තහවුරු කරගෙන තිබෙනවා.
The post සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment