Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද විවෘත කෙරේ  

Add comments

මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැළකෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද  විවෘත කෙරෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ පුඵල් කිරීමේ ව්‍යාපෘතිය ජපාන ශ්‍රී ලංකා ඒකාබද්ධ  සංවර්ධන කාර්යයක්. දෙවන අදියර සදහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 6 යි දශම 1 ක්. සමස්ත ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 100 ඉක්මවනවා. දැනට මිලියන හයක් වන ගුවන්තොටුපොල වාර්ෂික මගීන් හැසිරවීමේ ධාරිතාව සමස්ත ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මිලියන 15 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අගමැති ෂිං ෂෝ අබේ මහතාගේ මූලිකත්වයෙනුයි.

යහපාලන රජය සමයේ අතහැර දමා තිබූ මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වීමත් සමගම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ කෙරුනා.

 

 

The post කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG