දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හමු වුණා. විදේශ අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව සෑමවිටම ජගත් සංවිධානය සමඟ අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියා කරන බවයි.
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා ශ්‍රීලංකාවේ සංචාරයකට පැමිණියේ ශ්‍රී ලංකා රජය සිදුකළ ආරාධනාවකට අනුවයි. ජගත් මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපතිතුමා සහ ජගත් මහ ලේකම් අතර පැවති සාකච්ඡාවේ පසු විපරමක් වශයෙනුයි ඔහුට මෙලෙස ආරාධනා කෙරුණේ. කෝවිඩ් වසංගතයත් සමඟ උද්ගත වූ ආර්ථික අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමේ ප්‍රගතිය අමාත්‍යවරයා කියාරි මහතා වෙත පැහැදිලි කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යෝජිත සංශෝධන ඇතුළුව සංහිදියාව හා මානව හිමිකම් සම්බන්ධයෙන් වන දේශීය ක්‍රියාවලීන්හි ප්‍රගතිය පැහැදිලි කළ අමාත්‍යවරයා ඒ සඳහා වන රජයේ කැපවීම යළිත් අවධාරණය කළා.
The post විදේශ ඇමති සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් අතර හමුවක් appeared first on ITN News.
Post a Comment