අධිවේගී අහස් වියමන ලෙස සැළකෙන කල්‍යාණි රන් පිවිසුම කේබල් මත ඉදිකළ පාලම අද පස්වරු 3 සිට ජනතාව සදහා විවෘතව පවතිනවා.
කල්‍යාණි රන් පිවිසුම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2012 වසරේදී මෙම එල්ලෙන පාලම ඉදිකිරීම සදහා සැලසුම් සකස් කෙරුණා. 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිතාක්ෂණික කේබල් පාලම ඉදිකිරීම සදහා ගිවිසුම් අත්සන් කෙරුණා. අනතුරුව පැරණි කැලණි පාලමට යාබවදව මංතීරු හයකින් සමන්විතව නව පාලම ඉදිකිරීම සදහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කළා.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන නව කැලණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා.
The post කල්‍යාණි රන් පිවිසුම අද සවස සිට ජනතාවට විවෘතයි appeared first on ITN News.
Post a Comment