ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ 42 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වුණා.
ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
නාට්‍ය, ගද්‍ය හා පද්‍ය, ගායන සහ වාදන ඇතුලු විවිධ තරග අංශ 45 ක් යටතේ තරුණ නිර්මාණකරුවන් 130 කට වැඩි පිරිසකට යෞවන සම්මාන උළෙලේදී සම්මාන හිමි වුණා. ආබාධ සහිත තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වූ තරගවල ජයග්‍රාහකයන්ට ද සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදි සිදුවුණා.
9 වැනි යෞවන චිත්‍රපට උළෙලේ කෙටි චිත්‍රපට 13 ක් සහ වාර්තා චිත්‍රපට 8 ක් සදහාද සම්මාන පිරිනමා තිබෙනවා.
ජාතික තරුණ සේවා සභාවේ වෙබ් අඩවිය සහ ජංගම දුරකතන යෙදවුම එළිදැක්වීමද මෙහිදි සිදු කෙරුණා.
The post 42 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි appeared first on ITN News.
Post a Comment