Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ද.අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් යානා දෙකක මගීන් 61 දෙනෙකුට කොරෝනා  

Add comments

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් යානා දෙකක සිටි මගීන් අතරින් 61 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවරට පැමිණි ගුවන් යානා දෙකේ මගීන් 600 දෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී 61 දෙනෙකු කොරෝනා වයිරස ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි නෙදර්ලන්ත සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් සියලු දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ ගුවන් තොටුපොළ ආසන්නයේ හෝටලයක නිරෝධායනය කර ඇති බව සඳහන්.

 

 

The post ද.අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් යානා දෙකක මගීන් 61 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG