ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමඟම බ්‍රිතාන්‍යයේ වයිරස ව්‍යාප්තියට එරෙහි නීති දැඩිකර තිබෙනවා.
ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නැවතවරක් බ්‍රිතාන්‍ය තුළ මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කරනවා. පොදු ප්‍රවාහන සේවා , වෙළෙඳසැල් හා සාප්පු සංකීර්ණ වලට එක්වරකට ඇතුළුවීමේ සංඛ්‍යාව පිළිබද සීමා පනවා ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයට ඇතුළුවන සෑම පුද්ගලයෙක්ම PCR පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය වනවා. කෙසේ වුවද 2020 වසරට සාපේක්ෂව මෙවර නත්තල යහපත් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. පනවා ඇති නව නීති තාවකාලික බවද ඔහු අවධාරණය කරනවා. දකුණු අප්‍රිකා කලාපයට අයත් රටවලින් සංචාරකයන් පැමිණීම මහා බ්‍රිතාන්‍ය , එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් මේ වන විට තහනම් කර තිබෙනවා. ඔමික්‍රොන් මෙතෙක් වාර්තා වූ කොරෝනා වයිරස ප්‍රභේද වලට වඩා මෙම වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතිනවා.
The post බ්‍රිතාන්‍යයේ වයිරස ව්‍යාප්තියට එරෙහි නීති දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment