Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට  

Add comments

ලොවපුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ දී රටවල් 222 කින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 5,376 ක්. හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 කට ආසන්න බවයි වාර්තා වන්නේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවූ රට ලෙස ජර්මනිය දැක්විය හැකියි. එරටින් ඊයේ දිනයේදී වයිරස ආසාදිතයින් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට වැඩිම මරණ රුසියාවේ සිදුව ඇති අතර එම සංඛ්‍යාව 1,239 ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,212,948 දක්වා ඉහළ ගියා. හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව විසිහය කෝටි දාහතර ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

The post ලොවපුරා දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG