Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‍අභියෝගාත්මක කාලයේ චීනය, රුසියාව සහ ඉන්දියාව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි – චීන විදේශ ඇමති  

Add comments

‍අභියෝගාත්මක කාලයේ චීනය, රුසියාව සහ ඉන්දියාව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බව චීන විදේශ ඇමතිවරයා පවසයි.

සියවසකින් නොදුටු ගැඹුරු වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින කාලයක චීනය, රුසියාව සහ ඉන්දියාව විසින් ගනු ලබන තේරීම් ඔවුන්ගේ අවශ්‍යතාවලට පමණක් නොව ලෝකයේ දිශානතියට ද බලපාන බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි. වත්මන් අවිනිශ්චිත ලෝකයට විසඳුම් ලබා දෙන ලෙසට චීන, රුසියා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ 18 වන රැස්වීමට වීඩියෝ ආකාරයෙන්  සහභාගීවෙමින් හෙතෙම ඉල්ලා සිටියේය.

ලෝක සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී රටවල් තුන පොදු අවශ්‍යතා සහ සමාන තත්ත්වයන් බෙදා ගන්නා බවත් වැදගත් වගකීම්වලට උරදෙන බවත් චීන විදේශ ඇමතිවරයා කීය.

වගකීම් සහගත රටක් ලෙසට විවෘතභාවය, එකමුතුකම, විශ්වාසය සහ සහයෝගීතාවයේ සාරය ඉදිරියට ගෙනයමින් රුසියාව සහ ඉන්දියාව සමඟ ප්‍රමුඛ කා‍ර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානම්ය.

සැබෑ බහුපාර්ශ්විකත්ව භාවිතය, ජාත්‍යන්තර සබඳතාවන්හී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම, වසංගතයට එරෙහිව සටන් කිරීමට එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම සහ ආර්ථික ප්‍රකෘතිය සහ ආරක්ෂාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ලෝකයට ධනාත්මක පණිවිඩ යැවීමට රුසියාව සහ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බවද වන්ග් යී මහතා සඳහන් කළේය

චීන,රුසියා,ඉන්දියා සහයෝගීතාව ප්‍රවර්ධනය වෙනුවෙන් හෙතෙම එහිදී යෝජනා පහක් ද ඉදිරිපත් කළේය.

The post ‍අභියෝගාත්මක කාලයේ චීනය, රුසියාව සහ ඉන්දියාව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි – චීන විදේශ ඇමති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG