කොළඹ මධ්‍යම කොට්ඨාසය තුළ ඊයේ සිදුකෙරුණු විශේෂ මෙහෙයුමකින් විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 287 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා.
මාළිගාවත්ත, පිටකොටුව, මරදාන, කෙසෙල්වත්ත, කොටුව, වේල්ලවීදිය, අදුරුප්පුවීදිය, කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් සිදු කර තිබුණා. මෙම සැකකරුවන් සියලුදෙනා ගුණසිංහපුර ප්‍රදීපා ශාලාවට ගෙන විත් උපදේශන වැඩසටහනක් පවත්වන්නයි පොලීසිය කටයුතු කළේ.
ආගමික නායකයන් මෙන්ම වෛද්‍යවරුන් මේ උපදේශන වැඩසටහනට එක්ව සිටියා. කොවිඩ් එන්නත ලබා ගෙන නොසිටි පිරිස්වලට කොවිඩ් එන්නත ලබාදෙන්නත් පොලීසිය මැදිහත් වුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මෙහිදි කියා සිටියේ දවස් 14 කට සැකකරුවන් හිරේ දාපු අතීතය වෙනුවට ඔවුන්ට යහමග පෙන්වා දීම සදහා මෙම වැඩසටහනේදී උත්සාහ ගන්නා බවයි. සමාජයෙන් අවමාන විදිමින් සිටිනවාට වඩා සමාජයට යහපත් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමේ වැදගත්කමද දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදි පෙන්වා දුන්නා.
බස්නාහිර පළාතේ පමණක් මතට ඇබ්බැහි වූ ලක්ෂයට වැඩි පිරිසක් සිටින බයි ඒ මහතා කියා සිටියේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ පිරිස් උපදේශනයට යොමු කිරීම සදහා පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. දුර පළාත්වල කෘෂිකර්මික කටයුතුවල නිරත වී අලුත් ජීවිතයක් පටන්ගැනීමටම හිතන අයටත් උදව් කරන බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුලු ආගමික පූජක උතුමන්ලාද මේ අවස්ථාවට එක්වුණා.
The post කොළඹ පීරා අල්ලාගත් මතට ඇබ්බැහිවූ තරුණයින්ට කරන්න යන දේ appeared first on ITN News.
Post a Comment