පාකිස්තානය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයේ මූල්‍ය අර්බුදයක් ඇතිවී තිබෙන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.
රට තුළ විදේශ මුදල් සංචිත නොමැති නිසා දැඩි උද්දමනයක් ඇතිවී තිබෙන බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සදහන්කර ඇත්තේ.
පාකිස්තාන දේශීය ආදායම් පෙඩරල් බියුරෝවේ උත්සවයකට සහභාගිවෙමින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. පාකිස්තානයේ උද්දමනය සියයට 9.2 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එදිනෙදා පාරිභෝගික භාණ්ඩ වලද මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාකිස්තානයේ විශාල විදෙස් ණය ප්‍රමාණය ගෙවාගැනීමට ද නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සදහන් කළා. බදු මුදල් අයකර ගැනීමේදී පවතින අක්‍රමිකතා ද රටේ ආර්ථිකය බිදවැටීමට හේතුවී තිබෙනවා. ජනතා සුබසාධන කාර්යයන් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තරමේ මූල්‍ය හිගයක් ඇතිවී තිබෙන බවයි ඉම්රාන් ඛාන් සදහන් කළේ. රටේ පවතින දැඩි අර්බුධය සමග විදෙස් රටවලින් ණය ගැනීමට යොමුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සදහන්කර තිබෙනවා. ඉදිරියේදී ඛණිජ තෙල් මිල තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය බවයි ඔහු පැවසුවේ.
රට පවත්වාගෙන යාම සදහා ඉදිරි වසර දෙකක කාලය තුළදී ඇමෙරිකා ඩොලර් බිලියන 51.6 ක මුදලක් විදෙස් රටවලින් ලබාගැනීමට සිදුවන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි එරට ආර්ථික විශේෂඥයින් සදහන්කර ඇත්තේ.
The post පාකිස්තානය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයේ මූල්‍ය අර්බුදයක – ඉම්රාන් ඛාන් appeared first on ITN News.
Post a Comment