Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්  

Add comments

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය පහළ වායු ගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී දිවයින ආසන්නයේ තවදුරටත් ස්ථානගතව පවතිනවා.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම,  සබරගමුව, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ප්‍රවණතාවක් ද තිබෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අංශ සදහන් කළේ. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එළිමහන් ස්ථානවල නොසිටිය යුතු වන අතර රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එවැනි අවස්ථාවලදී බයිසිකල්,  ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

වික්ටෝරියා පොල්ගොල්ල සහ රන්දෙණිගල ජලාශවල ජල මට්ටම මේ වන විට වාන් දමන මට්ටමට පැමිණ ඇති බව වාර්මාර්ග ඉංජිනේරුවන් පවසනවා. එම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද ඉංජිනේරුවන් කටයුතු කළා. ආසන්න ප්‍ර දේශවල ජීවත්වන ජනතාවට මේ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසද දැනුම්දී තිබෙනවා. ***හගුරන්කෙත ලක්ෂ්මන් ප්‍රචාරය  විය

පවතින අයහපත් කාලගුණයත් සමග ඇතිවිය හැකි අවධානම් තත්ත්වය පිළිබද ජනතාව නිසි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

 

 

The post ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG