ඊයේ (25) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 740 දෙනෙකු හදුනාගත්තා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 560345 දෙනෙකු දක්වා ඉහළ ගියා. රෝහල්වල හා නිවාසවල ආසාදිතයින් 17713 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 528400 දෙනෙක්.
කොරෝනා ආසාදිත මරණ 27 ක් පිළිබදවත් වාර්තා වුණා. ඒ අනුව කොරෝනා මරණ 14232ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
කොරෝනාවට එරෙහි එන්නත්හි පළමු මාත්‍රව 15919195 දෙනෙකු ලබා ගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 13725136ක්. 420511 දෙනෙකු තුන්වන මාත්‍රාව ලබා ගෙන තිබෙනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 740ක් appeared first on ITN News.
Post a Comment