මෙවර ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ස්පාඤ්ඤය බලා පිටත්ව ගියා.
අනිද්දා සිට දෙසැම්බර් 5 වනදා දක්වා ස්පාඤ්ඤයේ පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ද සහභාගී වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රීඩා තරගාවලියකට සහභාගී වන්නේ පළමු වරටයි.
තමන් ඇතුලු කණ්ඩායම රට වෙනුවෙන් ජයග්‍රහන රැසක් බලාපොරොත්තු වන බවයි සහන් ප්‍රදීප් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
The post ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on ITN News.
Post a Comment