ඊයේ පැවති ජපාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය සමත්ව තිබෙනවා.
ජපාන පාර්ලිමේන්තුවේ ආසන 465 න් ආසන 261 ක තනි බලය හිමිකර ගැනීමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්වුණා. ඔවුන්ට සහයෝගය දක්වන කොමීටෝ පක්ෂය ආසන 32 ක බලය තහවුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 293 ක බහුතර බලයක් හිමිව තිබෙනවා. මෙය පසුගිය මාසයේදී එරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ෆුමියෝ කිෂිඩා ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි විශ්ලේෂකයින් හඳුන්වන්නේ. ජපාන හිටපු අග්‍රාමාත්‍ය යුෂිහිඩේ සුගා වසරක කාලයකට පසු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන් පසු ෆුමියෝ කිෂිඩා අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය හා ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් පාලක පක්ෂය ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම හේතුවෙනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වූයේ. මැතිවරණයෙන් බහුතර බලයක් ලබා ගැනීමට පාලක පක්ෂයට නොහැකි වනු ඇති බවටද මත පළ වුණා.
The post ජපාන මැතිවරණයෙන් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විශිෂ්ට ජයක් appeared first on ITN News.
Post a Comment